Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

මිචිගන් විල අසල හැදුනු අමුතු අත්භූත රටා (PHOTOS)

2936Views

ස්වභාවධර්මය වරින් වර අමුතු කාලගුණ සංසිද්ධීන් හරහා මිනිසුන්ව ආකර්ෂණය කරයි. පසුගියදා ඇමරිකාවේ මිචිගන් විල අසල සිදුවූයේද එවැනිම දෙයකි.

මෙම මස මුලදී, සිදුවූ කාලගුණ සංසිද්ධියක් නිසා වේගවත් සුළං මිචිගන් විල දිගේ හමා ගොස් තතිබෙන අතර මෙනිසා විලේ ඉවුරේ අමුතු ව්‍යුහයන් නිර්මාණ වී තිබෙනවා . 

මාධ්‍ය වාර්තාවලට අනුව, අධික සුළඟකින් වැව් වෙරළ දිගේ මිදුණු වැලි ඛාදනය වීම නිසා අමුතු ව්‍යුහයන් නිර්මාණය වී ඇත. සුළඟ වේගවත් වන තරමට ව්යුහයන් උස වේ. මෙම ආකෘතීන් සාමාන්යයෙන් වැටීමට පෙර දින කිහිපයක් පවතීන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ දර්ශන සහ ස්වභාවික ඡායාරූප ශිල්පී Joshua Nowicki මෙම සියුම් ආකෘතීන් ග්‍රහණය කර සමාජ මාධ්‍යවල පළකර තතිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

බොහෝ අය විහිළුවට මෙන් මෙම නිර්මාණය පිටසක්වල ජීවීන්ට ආරෝපණය කර තිබෙන අතර සමහර අය හැඳින්වූයේ "Chess pieces made of sand" or "sand dunes" ලෙසිනි.