Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

මම එදා කලේ ආචාර කිරීමක් - මධ්‍යම අධිවේගී මාර්ගයේ අධ්‍යක්ෂක ජනරාල් කියයි 

3512Views

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර පසුගියදා විවෘත කරනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීරිගම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන සාරද වීරකෝන් විසින් පළමු ප්‍රවේශ පත්‍රය නිකුත් කරනු ලැබුවා.

මේ අවස්ථාවේදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයා ප්‍රවේශ පත්‍රය ලබාදීමෙන් පසුව ආචාර කරන අයුරු දැක්වෙන ජායාරූපයක් යොදා ගනිමින් සමාජ මාධ්‍ය තුල ඔහුට එරෙහිව යම් පිරිසක් සංවිධානාත්මකව අපහාස කරන අයුරු දැක්වෙන පොස්ට් කිහිපයක් හුවමාරු කරන අයුරු දක්නට ලැබුණා.

ඇත්තටම එදා මොකද වුනේ? අපි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් සාරද වීරකෝන් ගෙන් විමසා සිටියා.

"මධ්‍යම අධිවේගී මාර්ගයේ විවෘත කිරීමේදී ජනාධිපතිතුමාට ආචාර කිරීමක් පමණයි සිදුකලේ. එසේ නැතුව ඔය කවුරුත් මඩ ප්‍රචාර කරන ආකාරයේ දෙයක් එතන සිදුවුනේ නැහැ" ඔහු එසේ පිළිතුරු දුන්නා.

< p