ඉන්දීය ක්‍රිකට් ලොව කලඹමින් සුපිරි ක්‍රිකට් තරුවකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යා මෙම ඇබැද්දියට මුහුණදී තිබෙනවා.
ඔහුගේ ට්විටර් ගිණුමේ අද උදෑසනම විශේෂ සටහනක් යොදා තිබුණා.
එහි සඳහන් ව තිබුණේ Selling this account for bitcoins ලෙසටයි.
කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුණේ අනුගාමිකයින් ලක්ෂ 13ක ප්‍රමාණයක් සහිත ඔහුගේ ට්විටර් ගිණුම හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ ගිණුම යථාතත්ත්වයට පත්කර තිබෙනවා.
වාර්තාවලට අනුව, පසුගිය වසර තුළ තහවුරු කරන ලද ගිණුම් 100 කට වැඩි ප්‍රමාණයක් වංචාකරුවන් විසින් හැක් කර ඇත.