Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

රූ රැජිනක් ආක්‍රමණයට එරෙහි සටනට ආයුධ අතට ගනී (PHOTOS)

5715Views

යුක්රේනය රුසියානු ආක්‍රමණයෙන් පසු, ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelensky) තම රට වැසියන්ට ආයුධ අතට ගෙන විරුද්ධ වන ලෙස ඉල්ලා සිටි අතර, ඔහු වයස අවුරුදු 18 ත් 60 ත් අතර පිරිමින්ට රට හැර යාම තහනම් කරන යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබුනා.

මෙනිසා බොහෝ දෙනෙක් ඔවුන්ගේම කැමැත්තෙන් හමුදාවට බැඳී ඇති අතර නිරූපිකාවක් සහ ප්‍රසිද්ධ චරිතයක් වන හිටපු යුක්රේන රූ රැජින වන ඇනස්ටේෂියා ලෙනා ද කැමැත්තෙන් රුසියානු ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම සදහා යුක්රේන හමුදාවට එක්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිලිබදව  ඇය තුවක්කුවක් අතැතිව ඉන්ස්ටග්‍රෑම්වල සමාජ මාධ්‍ය වෙත තම පින්තූර කිහිපයක් පළකර තිබුන අතර දේශ සීමාවට රිංගීමට උත්සාහ කරන ඕනෑම අයෙකු මරා දමන බව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පවසා තිබුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ පුටින් යුක්රේනයට එරෙහිව යුද්ධයක් දියත් කළ දා සිට , හිටපු රූ රැජින තම රටට සහය ලබා ගැනීමට තම ඉන්ස්ටග්‍රෑම්වල සමාජ මාධ්‍ය භාවිතා කර තිබුන බවයි.

ඇනස්ටේෂියා ලීනා 2015 වසරේ ග්‍රෑන්ඩ් යුක්රේන් රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ වයස අවුරුදු 24 දී ය. 

මාධ්‍ය විසින් වාර්තා කරන පරිදි, ලෙනා වසර කිහිපයක් හමුදාවේ සිටි අතර එහිදී ඇය හමුදා පුහුණුව ලැබූ නමුත් පසුව නිරූපිකාවක් වෘත්තිය කරගෙන යාමට එයින් ඉවත් වි තිබේ. පසුව උත්සන්න වන ගැටුම් මධ්‍යයේ, ඇය නැවත වරක් යුක්රේනය ආරක්ෂා කිරීමට ආයුධ අතට ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.