බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රාජපක්ෂ මැරයින්ට ආරක්ෂාව සපයා දීම සම්බන්ධයෙන් පොලීසිය තුළින්ම බලවත් විරෝධයක් එල්ල වී තිබේ.
ඊයේ (09) සාමකාමී විරෝධතාකරුවන්ට විරුද්දව සනත් නිශාන්ත මෙහෙය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයන් ගෝල්ෆේස් පිටියට ආසන්න වන අවස්ථාවේදී බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්ත සමග සාකච්ඡා කර තිබේ. ඉන් අනතරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලීලාරත්නට නියෝග කර ඇත්තේ මෙම මැරයන්ට නිදහසේ ගෝල්ෆේස් පිටියට ඇතුළුවීමට ඉඩ දෙන ලෙස බව වාර්තා වෙනවා.
මැරයන් ගෝල්ෆේස් භූමියට කඩා වැදීමට පෙර සනත් නිශාන්ත සහ දේශබන්දු තෙන්නකෝන් සාකච්ඡා කරන ආකාරයත් ඒ අසළ මැරයන් රඳී සිටින ආකාරයත් ඡායාරූපවලින් දැක්වේ. එසේම ගෝස්ෆේස් පිටියට ඇතුළු වී නිදහසේ ප්රහාරයන් එල්ල කිරීමට පොලීසිය ඉඩ ලබා දී නිශ්ක්රීයව සිටි ආකාරයද එම ඡායාරූප මගින් තහවුරු වී තිබේ.
මේ අනුව රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව පොසිල් නිලධාරීන් පෙන්වා දී තිබේ.
මෙම සිදුවීමට අදාලව සියලු තොරතුරු මේ වනවිට පොලීසිය තුළින්ම මාධ්‍යට ලබා දී ඇත.