නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින්ම නව අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට අත්‍යාවශ්‍ය සහන සැලසීම මෙහි මූලික අරමුණ වී ඇති බව සඳහන් ය.
මේ සහන අයවැය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට ඔහු විදෙස් රටවල් කිහිපයක් සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.