අගමැති ධුරය සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට යැවූ පිළිතුරු ලිපියට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් ලිපියක් යොමුකර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා ඉන් පෙන්වා දී ඇත්තේ අගමැති ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කරන විට තමා එය භාරගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ නොකළ බවය. එමෙන්ම අගමැති ධුරයේ වැඩ භාර ගැනීමට තමන් කැමති බවට මුල් වරට දැනුම්දෙනු ලැබුවේ ඊයේ (12) දින බව ද ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බවත්, ආරාධනය පිළිබඳ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීරණය දැනුම්දෙන බව පමණක් ප්‍රකාශ කළ බවයි විපක්ෂ නායකවරයා එම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.
කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් පිහිටුවීමට අදහස් කරන නව අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගය විසින් කිසිදු සාමාජිකයෙකු යෝජනා නොකරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම සම්පූර්ණ ලිපිය පහතින්,