Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

අරගල භූමියේ අයට අලුතින් ඉදිකළ ‘ටියර්ගෑස් සිනෙමා’ (PHOTOS)

624Views

‘ගෝඨාගෝගමේ’ අරගල භූමියේ අලුතින්ම ඉදිකළ ‘ටියර්ගෑස් සිනෙමා’ (Teargas cinema) සිනමා ශාලාව ඊයේ  (13) පස්වරුවේ විවෘත කර තිබෙනවා.

මෙම සිනමා ශාලාව සියලු සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත පරිපූර්ණ සිනමා ශාලාවක් වන අතර එකවර 100 කට පමණ මෙහි පහසුවෙන් චිත්‍රපට නැරඹිමේ හැකියාව පවතිනවා.

මේ තුළින් අරගලයට සමගාමීව සිනමා උළෙල, අරගලය ආශ්‍රිත සිනමා වාර්තා චිත්‍රපට ප්‍රදර්ශන, සිනමා සංවාද සහ වැඩමුළු ඇතුලු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.