Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඉස්සරහට රාජපක්ෂ කෙනෙක්ට ජනාධිපති තියා මන්ත්‍රීකමකටවත් එන්න බැරි වෙයි.රනිල්ගෙන් වෙනස් කතාවක් ?

4727Views

පවතින ආර්ථික අර්බුදය හැකි ඉක්මනින්ම විසඳාලීම සිය අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.මුදල් අච්චු ගැසීම සිය ප්‍රතිපත්තිය නොවූවද පවතින තත්වය හමුවේ එය සිදු නොකලහොත් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවා ගැනීම ප්‍රශ්නයක් වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

BBC සිංහල සේවය සමඟ සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තමන් අගමැති තනතුර බාරගත් සෑම අවස්ථාවකදීම මෙරට ජනතාවට තුන් වේලටම කන්නට හැකි පරිසරයක් උදා කල බවයි ඔහු කියා සිටින්නේ.එවැනි තත්වයක් යලිත් උදා කරලීමට නම් නව ආර්ථික වැඩපිලිවෙළකට යා යුතු වෙනවා.ට්‍රිලියන 03 ක මුදල් ප්‍රමාණයක් පසුගිය කාලයේදී මුද්‍රණය කලද මේ වන විට රජය සතුව පවතින්නේ බිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

ගෝඨාගෝගම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව තමාගේ අදහස බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ තරුණයින්ට වැඩි අවස්ථාවක් ලබා දෙමින් පාර්ලිමේන්තුවට යළි බලය ලැබෙන ක්‍රමවේදයකටද යා යුතු බවයි.

පවතින අර්බුදය අවස්ථාවේදී මෙම තනතුර බාර ගෙන රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට උපකාර නොකලේද යන්න මෙහිදී නිවේදකයා ප්‍රශ්න කරන අතර එදී ඔහු කියා සිටින්නේ ඉදිරියේදී මන්ත්‍රීධූරයකට හෝ පත් වීමට රාජපක්ෂවරුන්ට හැකිවේද යන්නයි.