Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

බේරෙ වැවෙන් නාගෙන සැමියා ගෙදර යද්දි බිරිඳ වෙනත් පිරිමියෙක් සමඟ පැන ගිහින්

41639Views

පසුගියදා ගෝල්ෆේස් පිටියේ සිදුකරමින් සිටි අරගලයට පහර දීමට පැමිණි පුද්ගලයෙකු මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමක් පිළිබඳව තොරතුරු නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

දකුණු පළාතට ආසන්න ගමක පුද්ගලයෙකු වන ඔහු තවත් පිරිසක් සමඟ පසුගියදා කොළඹ පැමිණ තිබෙනවා.එහිදී ඇතිවූ ආරවුලෙන් අනතුරුව පිරිසක් විසින් ඔහුවද බේරේ වැවට විසිකර දමා තිබෙන අතර ඔහු යළිත් ගමට ගොස් ඇත්තේ ඉන් දවස් තුන හතරකට පමණ පසුවයි.

ඒ වන විටත් ඔහු ඇතුළු පිරිසට සිදුව ඇති අකරතැබ්බය පිළිබඳව ගම්මුන්ද දැනගෙන තිබෙන අතර නිවසට ගිය ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ සිය බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අසල් වැසි ගමක පුද්ගලයෙකු සමඟ ඒ වන විටත් රහසේම පලා ගොස් ඇති බවයි.

මේ බව දැනුම් දීමට ඔහුගේ මිතුරන් කිහිප වතාවක්ම ඔහුට දුරකථන ඇමතුම් ගෙන තිබෙනවා.එහෙත්,බේරේ වැවට බැස සිටීම නිසා ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත වී තිබී ඇති බවයි වාර්තා වන්නේ.