Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

රටපුරා නැඟුනු ගිනි දැල්ලෙන් වැඩිපුරම දැවී ඇත්තේ ජොන්ස්ටන්

18409Views

පසුගිය නවවැනි දින දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඒ වන විට ආණ්ඩු පක්ෂය නියොජනය කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහොමයකගේ දේපළ වලට හානි සිදුවුනා.

එයින් වැඩිම දේපොළ හානියක් සිදුව ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

ඔහුට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන දහනවයකට මෙලෙස හානි සිදුව ඇති බව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක සඳහන් වෙනවා.ඒ අතර කුරුණෑගල රත්තරව්වේ පිහිටි නිවස, වැව රවුම පාරේ පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී තිබෙනවා. බත්තරමුල්ල වැව පාරේ පිහිටි නිවසට පහර දීමක් සිදුකර ඇති අතර කුරුණෑගල විල්ගොඩ පිහිටි දේශපාලන කටයුතු සිදු කළ කාර්යාලය, මල්කඩුවාවේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයද ගිනි තබා විනාශ කර ඇති අතර. ලග්ගල පිහිටි ගොවිපොළේද සතුන් එලවා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානවලට අමතරව කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී තිබෙනවා. ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී තිබෙනවා.