ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් නියෝජ්‍ය කතානායක ධූරය සදහා අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කිරීමට තීරණය කර තිබෙන බව නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.
එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව තහවුරු කර තිබෙනවා.
අජිත් රාජපක්ෂ යනු පොදු ජන පෙරමුණේ තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්නට සභා ගැබෙහි අපහාසාත්මක ලෙස කතා කළ අවස්ථාවේ මූලාසනයේ සිටි මන්ත්‍රීවරයායි.
එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ, තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රිවරයා පැවසූ කිසිවක් තමන්ට නෑසුණු බවයි.