Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

දේශපාලකයින්ටත් ආදර්ශයක් දුන්න අනුරපුරේ පොඩ්ඩන්ගේ අපූරු වැඩේ (PHOTOS)

745Views

මේ වෙසක් සමයයි.ලොව්තුරු තථාගතයාණන් වහන්සේ විසින් දේශනා කල උතුම් බෞද්ධ දර්ශනයේ හරය වනුයේ අත් හැරීම සහ අනිත්‍ය බවයි.

එහෙත් පසුගිය කාලය පුරාවටම විවිධ දේශපාලකයින් සහ විවිධ පක්ෂ බලයට වහල් වී සිටිනු දක්නට ලැබුනු අතර බලය සහ තනතුරු අත් හැරීමට ඔවුන් දැඩි ලෙස මැලිවුන බවක් දක්නට ලැබුනා.

ඔවුනටද ආදර්ශයක් ලබා දෙමින් අනුරාධපුරය ප්‍රදේශයේ කුඩා දරුවන්  පිරිසක් විසින් සිදුකල අපූරු කටයුත්තක් පිළිබඳව නෙත්ගොසිප් වෙත වාර්තා වූවා.

සාමාන්‍යයෙන් දන්සැල් පැවැත්වෙනුයේ ආහාර පාන ආදිය බෙදා දීම මඟින් වුවත් මෙය ඊට වඩා වෙනස් වූ දන්සැලක්.

දින ගණනාවක් තිස්සේ තමා විසින් වෙහෙස මහන්සි වී සාදගත් වෙසක් කූඩු රැස්කොට ඒවා තම නිවසේ එල්ලනවා වෙනුවට ඔවුන් විසින් වෙනත් දරුවන්‍ට එම කූඩු පරිත්‍යාග කර තිබුනා.