එළඹෙන ජූනි 11 වෙනිදා පැවැත්වීමට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට ,දැනට එහි පාලනය හොබවන වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගෙන් පාර්ශවයක් ඉදිරිපත් කිරීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
සති අන්ත පුවත්පතක් මේ පිළිබඳව වාර්තා කරන අතර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඇතුළු කණ්ඩායමකට එම සංගමයේ බලය හිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි පැවසෙන්නේ.
ඔහු පසුගිය සමය පුරාවටම රාජපක්ෂ රජය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විවේචනය කල නිසා පාදෙණිය මහතා ඇතුලු පිරිසගේ උදහසට ලක්වූවෙක් බව සඳහන්.
මේ අතර පරිපාලන වෛද්‍යවරුන් නියෝජනය කරමින් තවත් කණ්ඩායමක්ද නාම යෝජනා බාර දි තිබෙනවා.