ඉන්දියාවේ සහ බංගලාදේශයේ සම නිෂ්පාදනයක් වන 'Mujib - The Making of India' චිත්‍රපටයේ තත්පර 90 ක කුතුහලය දනවන පූර්ව ප්රචාරක පටයක්
ඉන්දියාවේ මධ්‍යම තොරතුරු හා විකාශන අමාත්‍ය අනුරාග් තාකූර් සහ බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය ආචාර්ය හසන් මහමුද්ගේ ඒකාබද්ධ සහභාගීත්වයෙන් එය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කෙරැණා.
බංගබන්ධු හෙවත් බෙංගාලයේ මිතුරා ලෙස ජනප්‍රියත්වයට පත් වුණු බංගලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන ෂෙයික් මුජිබර් රහ්මාන් ගේ චරිතාපදානය පදනම් කරගනිමින් නිර්මාණය වී ඇති 'Mujib - The Making of India' ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මුලපිරීමක් වන අතර අධ්‍යක්ෂණය කළේ Shyam Benegal විසිනි.
මෙම අවස්ථාවට සහභාගී වූ පිරිස අමතමින් ඉන්දීය අමාත්‍ය අනුරාග් තාකූර් පැවසුවේ "චිත්‍රපටය බංගබන්ධු ෂෙක් මුජිබර් රහ්මාන් ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ලබාදෙන ත්‍යාගයක්" බවයි.
ලෝකයේ විවිධ අසල්වැසි රටවල් අතර ආරවුල් සහ මතභේද තත්ත්වයන් නිර්මාණය වී ඇති වකවානුවක 'Mujib - The Making of India' චිත්‍රපටය හොඳ අසල්වැසි සබඳතා සඳහා පූර්වාදර්ශයක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.
ආචාර්ය හසන් මහමුද් සිය දේශනයේදී කියා සිටියේ මෙම චිත්‍රපටය බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ අරගලය, දුක් විඳීම සහ ජාතියක් නිර්මාණය කිරීම මත පදනම් වී ඇති බවයි.
ෂීක් හසීනා සහ නරේන්ද්‍ර මෝදි යන අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ නායකත්වය යටතේ බංග්ලාදේශය සහ ඉන්දීය සබඳතාව ඉහළ මට්ටම්වලට ළඟා වී ඇති බව ද මෙහිදී සදහන් කෙරැණා.