Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

බෝඩ්වල රහස් සංකේත ලියූ සිල්වර්වුඩ් පිටියේ සිටි දසුන්ට දුන්නු උපදෙස් මෙන්න

16557Views

 

 
 

 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු Chris  Silverwood සහ නායක දසුන් ශානක අතර තරඟය පැවැත්වෙන වේලාවෙදී සන්නිවේදනයන් සිදුකල ආකාරය පිළිබඳව දැක්වෙන පහත ජායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සැරිසරනු ලබනවා.

මේ ආකාරයෙන්ම සිල්වර්වුඩ් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිටියදී ද 2020 වසරේදී දකුණු අප්‍රිකාව සමඟ පැවති පන්දුවාර 20 තරඟයකදී ද මෙම ක්‍රමය යොදාගෙන තිබුනා.

මෙම රහස් සංකේත පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පලකොට තිබූ අතර ඇතැමෙකු කියා තිබුනේ පන්දු පිටිය සැකසීම සහ පන්දු යවන්නන්  යොදාගත යුතු ආකාරය පිළිබඳව මෙමඟින් නායකයාව දැනුවත් කරන්නට ඇති බවයි.

ඊට අදාළව ෆේස්බුක් හි පලව තිබූ එක් සටහනක් පහතින්.
...............................................................................

මෙය පුහුණුකරු හා නායකයා පණිවිඩ හුවමාරු කරගන්නා ක්‍රමයක්.
Field Settings ගැන වගේම Bowling Changes වගේ දේවල් මේ coding system එකෙන් සන්නිවේදනය කරගන්න පුලුවන් කියල මම අනුමාන කරනවා. 
මිට පෙර එංගලන්ත කණ්ඩායම මේ දේ පාවිච්චි කළා. 
ඒ Chris Silverwood ගේම පුහුණුකාරීත්වය යටතේ ය.

මේ system එක ගොඩක්දුරට coach , captain හා analyst පමණක් දන්නා දෙයක්.
කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් වුවද මේ දේ නොදන්නවා විය හැකිය. 

---------------------------------------------

⭕ R 6 - 
මන් හිතන විදියට ධනංජය සිල්වාට මීලඟ පන්දුවාරය ලබාදෙන්න කියලා කිව්ව වෙන්න ඕනේ. 
R කියන්නේ Right Hand
6 කියන්නේ 6වෙනි bowler.
ඒ කියන්නේ ධනා 

නැත්නම්  R කියන්නේ Ring. 
30 yard circle එකේ fielding positions 6ක් තියන්න. 

⭕ 5 D - 
මේක fielding set කරන එකක් වෙන්න ඕනේ.
D කියන්නේ Defensive හෝ Deep වෙන්න පුළුවන්.

Deep එකේ ඒ කියන්නෙ 30 yard circle එකෙන් පිට fielders ලා 5ක් තියන්න.
හැබැයි සාමාන්‍යයෙන් ඕවර්ස් 40න් පස්සේ deep එකේ fielders ලා 5ක් තියන්න පුලුවන් වෙන්නේ.
මේක වුණේ ඕවර්ස් 20 ගණන් වල.
එතකොට ඒක වෙන්න බෑ.
එහෙනම් Defensive වෙන්න පුළුවන් D කියන්නේ.

ඔය මම හිතුව විදිය.
ඔයාට වෙන විදියක් හිතෙන්න පුළුවන්.
ටීම් එක වෙනමම විදියකට මේක ප්ලෑන් කරල තියෙන්නත් පුලුවන් ????
අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් නම් ඔහොම coding system එකක් ඕනෙ නෑනේ.

මේකේ වාසි අවාසි ගැන දන්නේ දස්සා හා කෝච් විතරයි.
අපි බලමු !
පස්සේ කාලෙක ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි ❤️ 

- Prishon H Silva -