Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

" රුපවාහිනීය වග කිව යුත්තේ දේශපාලකයන්ට නොව මහ ජනතාවටයි " සමබර ප්‍රවෘත්ති ගැන රූපවාහිනියේ නව සභාපතිගෙන් හරබර කතාවක්

908Views

 

 
 

 

 

ජාතික රූපවාහිනිය වගකිව යුත්තේ මහජනතාවට මිස දේශපාලකයින්ට නොවන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නව සභාපති අසංග ජයසූරිය මහතා පවසනවා.

රූපවාහිනි ප්‍රවෘත්‍ති අංශය අමතා ඔහු ඊයේ දිනයේදී විශේෂ දේශනයක් පවත්වා තිබූ අතර එහිදී නව සභාපතිවරයා අවධාරණය ඇත්තෙව් ස්වාධීනව සහ අපක්ෂපාතීව නිවැරදිව ප්‍රවෘත්ති හැසිරවිය යුතු බවයි.

තමන් ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක් සිදු නොකරන බවද ඔහු එහිදී කියා ඇතැයි නෙත් ගොසිප් වෙත වාර්තා වූවා.

" රුපවාහිනීය ජපන් රටෙන් ලැබුණු තෑග්ගක්‌ වන අතර මෑතක සිට පාඩු ලැබීමේදී නඩත්තු වී ඇත්තේ ජනතාව ගේ බදු මුදලින්. කිසිම දේශපාලඥයකු මේ සදහා මුදල් ආයෝජන කර නැහැ.මේ නිසා රුපවාහිනී ප්‍රවෘත්‍ති මහ ජනතාව වෙනුවෙන් කැපවූ ප්‍රවෘත්තියක් විය යුතුයි. ජපන් රටට ගරු කිරීමට නම් NHK නාලිකා වල මෙන් ගුණාත්මක හා ප්‍රමිතයෙන් යුතු පුවත් සැපයිය යුතුයි.

ප්‍රවුර්ති වාර්තා කරණයේ වැදගත්ම  මුලධර්මයක් වනුයේ තහවුරු ( check ) කර ගැනීමයි. එය අප අනුගමනය කළ යුතුයි. කිසියම් කෙනෙක් හට මඩ ගැසීමට හෝ තව  කෙනෙක් අතිශෝක්‍යයෙන් පිම්බීමට මේ වටිනා ගුවන් කාලය නොයෙදිය යුතුයි.

අද අපිට සිටින්නේ බුද්ධිමත් තරුණ පිරිසක්.  ඔවුන් ගේ ගුණාත්මක බව ඉහල දැමීමට මිස බුද්ධියට නිගා කරන ලෙස ප්‍රවුර්ති කරණය නොකළ යුතුයි.

මාධ්‍ය සදාචාර ආරක්ෂා කළ යුතුයි. බොහෝ මාධ්‍ය මිනිසුන් ගේ දුක විකුණලා rating හොයනවා. මළ මිනී, හඩා වැලපෙන මිනිස්සු රස කරමින් පෙන්නනවා. ජාත්‍යන්තර මාධ්‍ය වල මේ වගේ මළ මිනී පෙන්නන්නේ නෑ. අපිට දැන්වීම් ලැබෙන්නේ ජනතාව මෙය බලන නිසා. ඔවුන් ට ගෞරව කළ යුතුයි. ඔවුන් නගා සිටුවන්න වැඩ සටහන් කළ යුතුයි.

ප්‍රවෘත්ති ස්වාධීනව පවත්වාගෙන යාමට මම කටයුතු කරනවා. ඒ සදහා අනවශ්‍ය ඇඟිලි ගැසීම් කරන්නේ නෑ. බැරි නම් මෙයින් ඉවත් වනවා මිස මගේ හිතට විරුද්ධ දෙයක් කරන්නේ නෑ.

මේ වගකීම් මාධ්‍ය වේදීන් භාර ගත යුතුයි. ප්‍රවෘත්ති  වල ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතුයි.