Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

කෑම එක කටේ තියන්න බෑ.. කිරි තේ දුන්න කාලයක් මතක නෑ ! : ජාතික රෝහලේ රෝගීන්ට රටේ අර්බුදය දැනුන හැටි

634Views

 

 
 

 

 

රෝගීන්ට ලබාදෙන කෑම ආහාරයට ගත නොහැකි තරම් බව කොළඹ ජාතික රෝහලේ  නේවාසික රෝගීන්  සහ කාර්ය මණ්ඩලය පවසා සිටිනවා.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට ඔවුන්ගේ පවුල්වල පිරිස් හා ඥාතීන් පැමිණීම සීමා වී ඇති නිසා නේවාසික රෝගීන්ගෙන් 80%කට පමණ රෝහලෙන් ලබාදෙන ආහාර වේලෙන් පමණක් යැපීමට සිදුව තිබෙනවා.

ගෙවුණු  සති කිහිපය තුලම  මාළු කැබැල්ලක් හෝ නේවාසික රෝගීන්ගේ හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල ආහාර වේලට එක් කිරීමට නොහැකි වී ඇත්තේ පවතින ආර්ථික හා ඉන්ධන අර්බුදය හමුවේ ඒවායේ මිල ඉහල යාම නිසා බවත්  කිරි පිටි හිඟය හා මිල ඉහළ යෑම හේතුවෙන් මාස ගණනාවක සිට නේවාසික රෝගීන්ට කිරි තේ ලබාදීමද නතර කර ඇති බවයි ඔවුන් චෝදනා කර සිටින්නේ.