ඉන්ධන පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, හොරණ අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වෙන්නේ.
මෙම පුද්ගලයා දවස් 08ක් පමණ ඉන්ධන පිරවුම්හලට තෙල් ලැබෙනතුරු පෝලිමේ රැදී සිට තිබෙනවා.