Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඩේවිඩ් වෝනර්ගෙන් ශ්‍රි ලංකාවේ තණතීරු ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

7294Views

 

 
 

 

 

තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලියේ සිව්වැනි තරඟයෙන් පසු ඩේවිඩ් වෝනර් ශ්‍රි ලංකාවෙ එක්දින තණතීරු පිලිබදව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුනා,

ඔහු පවසා තිබුනේ 

“අපි හැම විටම දඟ කැවීමක් සහිත කඩුල්ලක් බලාපොරොත්තු වෙනවා. එය අපට අපූරු සූදානමක් වගේම ටෙස්ට් තරගාවලියට පිවිසීම විශිෂ්ට පුහුණුවක්.

ඇත්තටම අපි කැමතියි ඔවුන් එකම තණතීරුව මත ක්‍රීඩා කරනවාට. අපට අවශ්‍ය වන්නේ එයයි. අපට ඒ වගේ පුහුණුවීම් වෙන තැනකින් ලබා ගන්න බැහැ. අපිට ගාල්ලේ ටෙස්ට් තරගවලට මේ පුහුණුව උද්යෝගිමත් වේවි. මොකද අපි එතනට යන්නෙ තණතීරු මොනවද කියලා අපි දැනගෙන නිසා.”

“මෙය අපහසු දඟපන්දු තණතීරුවක්. අපි සාමාන්‍යයෙන් මෙවැනි කඩුලු දකින්නේ නැහැ. ඒවා දකින්නේ මෙහෙදී පමණයි. ඉන්දියාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන්ගේ තණතීරු ඇත්තටම හොඳ තණතීරු. ඒවා දඟ කැවෙන්නේ තුන්වැනි සහ හතරවැනි දිනයේ දී. මට මතකයි ඩකා හි ක්‍රීඩා කරපු ආකාරය. එය මම මෙතෙක් ක්‍රීඩා කර ඇති නරකම තණතීරුවලින් එකක්. ඒකෙදී මම ශතකයක් ලබා ගත්තා.

මේ තණතීරුවල සාර්ථක වෙන්න නම් කැපවීම, අවධානය සහ දිගු කාලයක් පන්දුවට පහර දෙන්න ඕනේ. ආසියානු තණතීරුවල දී එක් කුඩා අත්වැරදීමකින් ඔබට පාඩුවක් සිදු වෙනවා. අපි සැම විටම තරගයේ ඉන්න ඕනේ. ටෙස්ට් තරගාවලිය දුෂ්කර වේවි. විශේෂයෙන් රස්නය එක්ක. නමුත් අපි ඒක බලාපොරොත්තුවෙන් සිටින්නේ.” යනුවෙන් වෝනර් පවසා තිබුණා.