ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියාව අතර හෙට දිනයේ පැවැත්වෙන අවසන් තරගයේදී නැරබීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් කහ වර්ණයෙන් සැරසී පැමිණ ඔස්ට්‍රේලියා කණ්ඩායමට සහයෝගය ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුනා.
“අපි යම්කිසි සහයෝගයක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙනවානම් ඒක හොඳ දෙයක්. නරක දෙයක් නෙවෙයි කහපාට ඇඳලා එන්න පුළුවන් නම් පුළුවන් කෙනෙක් ඇවිල්ලා ඒ සහයෝගය දෙන එක ගැන සන්තෝෂ වෙන්න ඕනි. මොකද මේ වෙලාවේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ආපු නිසා ඒ අයට ස්තූතිය පළකරන්න නේ මේක කරන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්.”