Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

මම අසනීපෙන් ඉන්නේ.. ඒත් අද මැච් එකට එනවා කහ අඳින එක ගැන අරවින්ද කියපු කතාව

8642Views

 

 
 

 

 

ශ්‍රී ලංකාව දැඩි ඩොලර් අර්බුදයක සිටින සමයක මෙරට ජනතාවගේ මුවඟට සතුටක් එක් කළ ඕස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් තරඟාවලිය අද අවසන් වනවා. 

එම අවසන් තරඟය අද පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ස්ටිව් ස්මිත් හා මිචෙල් ස්ටක් ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කළ අතර මේ මොහොතේ ඔවුන්ට කළ හැකි දායකත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදෙමින් හදිසි ආහාර සහ ඖෂධ වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 50 ක ආධාරයක් ලබා දුන්නා.

එවන් පසුබිමක සමස්ථ ශ්‍රී ලංකාවේම ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කෘතගුණ දැක්වීමට ශ්‍රී ලාංකිකයින් අද සූදානම් වනවා. ඒ, අද තරඟය නැරඹීමට පැමිණෙන විට කහ වර්ණයෙන් සැරසී එන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ද පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින්.

මේ අතර  1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දස්කම් දැක්වූ හිටපු නායක අරවින්ද ද සිල්වා ද අදහස් පළ කළා. ඔහුද පැවසුවේ අද තරඟය නැරඹීමට තමන් ද කහ පැහැති වර්ණයකින් සැරසී ගොස් ඕස්ට්‍රේලියාවට කෘතගුණ දැක්වීමට සූදානම් බවයි.