Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

ගඳ ගහන වැඩක් කෙරු හොරු දෙන්නෙක් : වසර අටක් තිස්සේ පාවිච්චි කරන කොමඩ් එක උසං යන්න හදලා

2754Views

 

 
 

 

 

වසර අටක් පමණ පාවිච්චි කරමින් තිබූ වැසිකිළි කොමඩ් එකක් සොරා ගැනීමට ගලවා ඉවත් කර තිබෙන පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙනවා.

සණස බැංකු සංගම් පරිශ්‍රයට වසර අටක් පමණ පෙර  රුපියල් පනස් දහසක පමණ මුදලක් වැයකර සවිකරන ලද දැනට සේවක පිරිස් හා ගනුදෙනුකරුවන් පාවිච්චි කළ වැසිකිළි කොමඩ් එක මෙලෙස ගලවා ඉවත් කර තිබෙන බවයි සණස සංගමයේ සාමාන්‍යාධිකාරිවරයා පවසා තිබෙන්නේ 

ඉකුත් 25දා අලුයම 2.00ට පමණ ඇතුළු වූ දෙදෙනකු ගලවා ඉවත් කර ගත් කොමඩ් උපාංග තාප්පය හා වැසිකිළි ගොඩනැඟිල්ලේ බිත්තිය අතරින් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් දරන අතරවාරයේදී ඒ ශබ්දය බැලීමට අවට වැසියන් එන අවස්ථාවේදී සැකකරුවන් ඒවා හා ඒවා ගලවා ඉවත් කිරීමට ගෙනා යතුරු කට්ටල එතැනම දමා පලාගොස් තිබෙනවා.

කොමඩ් පද්ධතියට කිසිදු හානියක් නොවන ලෙසට ගලවා ඉවත් කර තිබෙන ආකාරය දෙස බැලීමේදී ඒ පිළිබඳව මනා දැනුමක් ඇති අය මේ සඳහා සහභාගි වී ඇති බවට පොලිසිය අනුමාන කරයි.

මේ වනවිට පවතින ආර්ථික අර්බුදය හමුවේ වෙළෙඳපොළේ කොමඩ් උපාංග මිල අධික වීම නිසා වෙනත් පාර්ශ්වයකගේ පාවිච්චියට හෝ ඒවා අවැසි පිරිසකට අලෙවි කිරීමට මෙලෙස පාවිච්චි කරන ලද වැසිකිළි කොටස් පවා ගලවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි පොල්පිතිගම පොලිසිය පෙන්වා දෙන්නේ 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ කෙරෙමින් පවතින බවත් පොල්පිතිගම පොලිසිය පවසයි.