Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

වසර 18කට පසු පළමු වරට ග්‍රහලෝක 5ක් එකම රේඛාවක (VIDEO)

2602Views

 

 
 

 

 

පියවි ඇසින් නිරීක්ෂණය කල හැකි අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක පහක් එකම රේඛාවක එකවර අහසේ නිරීක්ෂණය කල හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2005 වසරෙන් පසු ප්‍රථම වතාවට බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු ග්‍රහලෝක 5ම එකම රේඛාවක  2022 ජුනි 29 දින (පෙ.ව. 5) පිහිටන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

චන්ද්‍රයාගේ ආලෝකයේ බලපෑම අවම වන ජුනි 29 (බදාදා) දින අලුයම අහසේ 4:40 සිට හිරු උදාව දක්වා මෙම සංසිද්ධිය වඩාත් ම පැහැදිලිව නිරීක්ෂණය කල හැකි වේ. පැහැදිලිව ක්ෂිතිජය නිරීක්ෂණය කල හැකි ස්ථානයක සිට නිරීක්ෂණය කරන්නේ නම් මෙම සංසිද්ධිය ජුලි මස පළමු සතිය අවසානය දක්වා ම නිරීක්ෂණය කල හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ජුලි මස පළමු සතියෙන් පසු බුධ ග්‍රහලෝකය සූර්යයා ආසන්නයට ගමන් කිරීම නිසා එම ග්‍රහලෝකය නිරීක්ෂණය නොවන නමුත් අනෙකුත්ග්‍රහලෝක 4 අගෝස්තු පළමු සතිය දක්වා ම මෙම රේඛීය පිහිටුමේ පවතින ආකාරය දර්ශනය වේ.

නමුත් සැබවින්ම ග්‍රහලෝක වල කක්ෂ, එකිනෙකට ආනත තල වල පිහිටා ඇති බැවින් ග්‍රහලෝක මේ ආකාරයට රේඛීය පිහිටුමක දර්ශනය වීම කලාතුරකින් සිදු වේ.නැවත මෙලෙස ග්‍රහලෝක 5ක් රේඛීය පිහිටුමක දැකිය හැක්කේ 2040 වසරේ දී ය.