QR පහසුකම යටතේ ඉන්ධන ලබා ගැනීම මේ සතියේ සිට ක්රියාත්මක වෙනවා.
මේ වන විටත් තමාගේ වාහනයට අදාළව බොහෝ දෙනා QR කෝඩය ලබාගෙන තිබෙන අතර ඇතැම් පිරිස් නොදැනුවත්කම නිසා එය වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු ගන්නා අවස්ථාද තිබෙනවා.
එහෙත් එය අවදානම් සහගත ක්රියාවක් බවයි වාර්තා වන්නේ.
පවතින කාර්ය බහුලබව නිසා බොහෝ ඉන්ධනහල් වලින් ඉන්ධන නිකුත් කිරීමේදී වාහනයේ අංකය පරීක්ෂා නොකරන අතර ඔවුන් එහිදි සැලකිල්ලට ගනු ලබන්නේ QR කෝඩ් එක පමණයි.
ඇතැම්විට ඔබට අදාළ කේත අංකය වෙනත් අයෙකු සමඟ හුවමාරු කරගෙන තිබේ නම් ඔබට පෙර එය භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට ඔවුනට හැකියාව පවතිනවා.
වාහනයට අදාළ වෙනත් විස්තර එහිදි පරීක්ෂා නොකිරීම නිසාද එවැනි අකටයුතුකම් සිදුවීමට වැඩි සම්භාවිතාවයක් තිබෙන බවයි පෙනෙන්නට තිබෙන්නේ.