Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

ලාංකිකයෝත් සතුටු කරවමින් බංගලියෝත් හඬවමින් පාකිස්තානුවෙක් සිම්බාබ්වේට ජය ගෙනෙයි

5256Views

 

 
 

 

 

සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟයෙන් කඩුලු පහක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා .

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට බංගලාදේශයට ආරාධනා කල අතර කඩුලු 02  ක් පමණක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 303 ක්.

ඒ අනුව එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 05 ක් දැවී තිබියදී ලකුණු 307 ක් ලබා ගෙන තරඟය ජයගත්තේ තවත් පන්දු 10 ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයක් .

මෙහිදී අගනා ඉණිමක් ක්‍රීඩා කල සිකන්දර් රාසා පන්දු 109 කදී වේගවත් ලකුණු 135 ක් රැස් කලා.

පාකිස්තානු ජාතිකයෙකු වන ඔහු සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර ඔහුගේ දක්ෂතාවය නිසා පෙරළිකාර සිම්බාබ්වේ පිල 1-0 ක් ලෙස තරඟාවලියේ ඉදිරියෙන් පසු වෙනවා.