Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

දඟ පන්දුවෙන් වැඩ දාපු මහීෂ්ට උසස් වීමක්

2335Views

 

 
 

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සැරයන් නිලයට උසස් කර තිබෙනවා.
 
ඒ  යුධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් යුධ හමුදා මූලස්ථානයේදී ඊයේ (20) පැවැති උත්සවයකදී.

යුධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික, යුධ හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක සාමාන්‍ය සෙබළ මහේෂ් තීක්ෂණව යුධ හමුදාපතිවරයා විසින්  සැරයන් නිලයට උසස් කර තිබෙනවා.