Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

කුසට නිසි අහරක් නොමැතිව ළමුන් පාසල් තුළ ඇද වැටෙයි

684Views

 

 
 

 

 

තන්තිරිමල ප්‍රදේශයේ පාසල් කිහිපයක ම දරුවන්, පාසල් උදෑසන රැස්වීමේ දී සිහිසුන් ව ඇද වැටීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වනවා.

තන්තිරිමලේ තම්බියාව ගමේ පිහිටි පාසැල් කිහිපයක සිසුන්  උදෑසන රැස්වීම අතර තුර සිහිසුන් ව ඇද වැටී ඇති අතර උදෑසන රැස්වීම නියමිත කාලයට කලින් නැවැත්වීමට ද සිදුවී තිබෙනවා.

එම පාසල් වල ගුරුවරුන් දරුවන් සිහිසුන් ව ඇද වැටීමට හේතුව සොයා බැලීමේදී අනාවරණය වී තිබෙන්නේ ඇතැම් දරුවන් රාත්‍රියට හා උදෑසනට යන වේල් දෙකට ම ආහාර ගෙන නොමැති බවයි.