Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

අපේ සල්ලි වැය කරනු එපා - සමුගත් අබේ නිසා සකුරාව ගිනියම් වේ

2782Views

 

 
 

 

 

ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේගේ අවමඟුල් උත්සවයට විරෝධය පා එරට අගමැති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනි තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම පුද්ගලයා සිරුරට ගිනි තබාගත් අවස්ථාවේ ඒ අසල සිටි පොලිස් නිලධාරීන් වහා ගින්න නිවා ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබු අතර ඊයේ සවස් වනවිට ඔහුගේ තත්ත්වය කුමක්ද යන්න මාධ්‍ය වාර්තා කර නොමැත.

පසුගිය ජුලි මාසයේ ජපානයේ හිටපු අගමැති ෂින්සො අබේ උත්සවයක් අමතමින් සිටින අවස්ථාවකදී වෙඩි තබා ඝාතනය කර තිබුනා.

පසුගිය ජුලි මාසයේ ඔහුගේ අවමඟුල් උත්සවය පවත්වා නොතිබු අතර  එය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 27 වැනි දිනයි.

මෙවැනි අවමඟුල් උත්සවයක් සඳහා වැය කරන්නේ ජනතා බදු මුදල් වීම නිසා මේ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධය පළ වෙමින් ඇති බවයි මාධ්‍ය  වාර්තා කරන්නේ.

මේ වනවිට රාජ්‍ය අවමඟුල් උත්සවයක් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සදහා ජපන් යෙන් බිලියන 1.6ක් පමණ වැය වනු ඇති බව මාධ්‍ය වාර්තා වෙන්නේ.