Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

ගස් ගෙම්බෙකු නිසා මහ මඟදී ජීවිතයක් නැතිවුන හැටි

3663Views

 

 
 

 

 

නිට්ටඹුව දෙසට ධාවනය කරමින් තිබු  ත්‍රිරෝද රථයක රියදුරුගේ ඇඟට ගස් ගෙම්බකු පැනීම නිසා බියවී රථය සිය පාලනයෙන් ගිලිහි  කිරිඳිවැල, දියගොඩැල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන්  රියදුරු මියගොස් ඇති බව වාර්තා වෙනවා.

සිය බිරියද සමඟ යමින් සිටියදී  ඇඟට පනින ලද ගස් ගෙම්බා ඉවත් කිරීමට ගොස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ඇති අතර එම අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදි දෙකක්ද ත්‍රිරෝද රථයේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඌරාපොළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට තිබෙනවා.

රිරෝද රථ රියදුරුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකොට යැවූ බවත් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවද කිරිඳිවැල පොලිසිය පවසන්නේ.