Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

බදු විතරක් බිලියනයක් ගෙවපු ඇමතිවරයෙක්

1481Views

 

 
 

 

 

තමා බිලියනයකට අධික බදු මුදලක් ගෙවූ ව්‍යාපාරිකයෙක් බව නිපුන සහල් හිමිකරු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පවසනවා.

පාර්ලිමේන්තු අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

එහිදී ඔහු පැවසුවේ මෙවැන්නක්.

"විශේෂයෙන් මම ව්‍යාපාරිකයෙක් විදිහට පහු ගිය දවස් වල මේ ව්‍යාපාරය ගැනත් කතා වුනා.

මහා හාල් මොලේ හිමියන් ගැන කතා කරද්දී තුන්වෙනි ස්ථානයේ ඉන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට කතා කෙරුවා.

ඒ නිසා මම පැහැදිලි කරන්න ඕනේ මම නිපුන සහල් නිෂ්පාදන පෞද්ගලික සමගමේ එහි සභාපති වරයා විදිහට මම මේ සභාව දැනුවත් කරන්න ඕනා ,මම 1983 ඉදන් බදු ගෙඅවන කෙනෙක්.

මම මේ ආයතනය පටන් ගත්තේ 1984දී. එදා ඉදන් අද වෙනකං අපි බදු ගෙවනවා.

පහුගිය අවුරුදු හය ගත්තාහම අදායම් බදු ඒවගේම ලාබාංශ බදු , ආර්ථික බදු ,රදවා ගැනීමේ බැදු, ජාතිය ගොඩ නැගීමේ බදු , උපයන විට ගෙවන බදු, හැටියට  මිලියන 1034.4ක් මේ රජයට ගෙවල තියනවා."