Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

අපරාධ මඩින්න පොලිස්පතිගේ අලුත් මෙහෙයුම

1120Views

රටේ සිදුවන අපරාධ ප‍්‍රමාණය මේ වසර අවසන්වීමට පෙර සියයට 70 කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේ ඒ සදහා අනුගමනය කළයුතු කි‍්‍රයාමාර්ග නියෝජ්‍ය පොලිස්පතිවරුන් හරහා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි.

සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුම තම පොලිස් බලප‍්‍රදේශය තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කළයුතුයි.

එය දෛනිකව තම ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කළයුතු වනවා. අවසානයේ එහි සමස්ත වාර්තාවක් දෛනිකව පොලිස්පතිවරයා වෙත ලබාදෙනු ඇති.

ජනතා සුබසාධනය සහ යටිතල පහසුකම් සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා සේම අපරාධ මර්දනය පිළිබඳවද වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.