Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

අපේ තානාපතිට මලයාසියාවේ කොටි හිතවාදීන් පහරදුන් හැටි (VIDEO)

1198Views

මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට එරට සිටින දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් ඊයේ (4) ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී එල්ල කළ ප්‍ර‍හාරය, එහි සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබෙනවා.

රාජකාරී කටයුත්තක් සඳහා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් යළි පැමිණෙමින් සිටි අවස්ථාවේදී අන්සාර් මහතාට මෙලෙස දෙමළ ඩයස්පෝරා කණ්ඩායම මෙම ප්‍ර‍හාරය එල්ලකර තිබෙනවා.

අදාල වීඩියෝව එරට මාධ්‍ය මගින් ප්‍ර‍චාරය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතිබවයි වාර්තා වන්නේ.