Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

අම්මා තාත්තා සමග බෙහෙත් අරන් ආ අවුරුදු හතරේ පුතා ගෙදර ළඟදීම මරුවා ගෙනියයි..!

1344Views

බෙහෙත් ගැනීම සඳහා මව හා පියා සමග ත්‍රිරෝද රථයෙන් රෝහලට ගොස් බෙහෙත් රැගෙන ගෙදර ආ සිව් හැවිරිදි දරුවකු නිවස ඉදිරිපිටදීම වේගයෙන් ගමන්ගත් කුඩා ලොරි රථයක ගැටී මියගිය අවාසනාවන්ත පුවතක් අම්බලන්තොට රොටවල ප්‍රදේශයෙන් අද (05) වාර්තා වනවා.

“අම්මත් තාත්තත් මල්ලීගේ උගුරේ හිරවී තිබූ කට්ට ක් අයින් කරන්න හම්බන්තොට රෝහලට ගිහින් අම්බලන්තොට පොළටත් ගිහින් ගෙදර එන්න එන්න ඇවිත් ගෙදර ඉස්සරහ ත්‍රි විල් එක නතර කළා. නවත්තන කොටම මල්ලී ගත්ත සෙල්ලම් බඩුවක් මට පෙන්න්න හැදුවා. හයියෙන්ම ආපු ලොරියේ මල්ලී හැප්පුනා“ යැයි මිය ගිය දරුවාගේ අයියා වන පේශ්‍ය රවිසිඳු පැවසුවා.

මිය ගිය දරුවා මව, පියා සමග හම්බන්තොට මහ රෝහලට ගොස් බෙහෙත් රැගෙන ත්‍රී රෝද රථයෙන් නිවසට පැමිණ නිවස ඉදිරිපිට ත්‍රී රෝද රථය නතර කර පාර මාරුවීමේ දී අධික වේගයෙන් පැමිනි කුඩා ලොරි රථයේ හැපී බරපතල තුවාල ලබා තිබෙනවා. එම රථයෙන්ම අනතුරට ලක් වූ දරුවා රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ දඩල්ලගේ චමෝද් දිල්සර ය.

රිය අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අම්බලන්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර රියදුරුට රියදුරු බලපත්‍ර නොමැති බව අණාවරණ වී තිබෙනවා.

Ambalantota www.nethnews.lk 00001 Ambalantota www.nethnews.lk 00002 Ambalantota www.nethnews.lk 00003 Ambalantota www.nethnews.lk 00004