Saturday, February 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ලක්ෂ 20ක් ගෙවා රණවිරුවා බේරාගන්න “දිරිය නෙත්“ සමග එක්වන්න…

1114Views

1998 වසරේදී කඳවුරේ රඳවා සිටියදී අත්මාංචු පිටින්ම පලායාමට උත්සාහ කළ එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට අපරික්‍ෂාකාරී ලෙස හා නොසැලකිලිමත් ලෙස වෙඩි තැබීමෙන් මරණයට පත් කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබු විශ්‍රාමික මේජර් විමල් වික්‍ර‍මගේට කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය පසුගිය 31 දා වසර 10 කට අත්හිටවූ දෙවසරක සිරදඬුවමක්‌ නියම කළා.

ඊට අමතරව මරණයට පත්වූ පුද්ගලයාගේ පවුලේ සමීප ඥතීන්ට රුපියල් ලක්‍ෂ 20 ක වන්දියක්‌ ගෙවන ලෙසත් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය දඩයක්‌ ලෙස තම අධිකරණය විසින් නියම කළ එම වන්දිය නොගෙවන්නේ නම් මාස 12 ක අනිවාර්ය සිරදඬුවමක්‌ ද නියම කළා.

පේදුරුතුඩුව යුද හමුදා කඳවුරේ රඳවා සිටි රොබට්‌ වෙලින්ඩන් නමැති සැකකරුට මරණය සිදුකිරීමෙන් දණ්‌ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්‌ සිදු කළැයි විමල් වික්‍රමගේ නමැති යුද හමුදා නිලධාරියාට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි. එවකට ලුතිනන්වරයෙකු වූ විත්තිකරු එම හමුදා කඳවුර භාර අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ බව සාක්‍ෂි විභාගයේදී අනාවරණය වූ අතර ඔහු මේ වනවිට හමුදා සේවයෙන් විශ්‍රාම ගොස්‌ ඇත.

එම දඬුවම්වලට අමතරව විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක්‌ ගෙවීමටද නියම කළ විනිසුරුවරිය එම දඩය නොගෙවන්නේ නම් මාස 6 ක අමතර සිරදඬුවමක්‌ ලබාදීමට ද නියම කළාය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ සාලිය පීරිස්‌, නීතිඥ රුක්‌ෂාන් නානායක්‌කාර යන මහත්වරුන් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියා.

මෙම රණවිරුවාට මෙතරම් මුදලක් එකවර ගෙවීමට නොහැකි බැවින් ශ්‍රී ලංකික හා විදෙස්ගත නෙත් එෆ්.එම් ශ්‍රාවක හිතවතුන්ගේ අධාර උපකාර ඇතිව ක්‍රියාත්මක “දිරිය නෙත්“ සමාජ සත්කාරක අරමුදල මගින් එම මුදල ලබාදීමට තීරණය කර තිබෙනවා. එය සනිටුහන් කරමින් රුපියල් 100000ක මුදලක් අද (06) දින ප්‍ර‍දානය කරනු ලැබුවා.

රණ විරුවා බේරා ගැනීමේ මෙහෙවරට දායක වීමට කැමති ඔබත් මතු සඳහන් ගිණුම් අංකයට ඔබේ ආධාර ලබා දෙන්න.

ගිණුමේ නම – දිරිය නෙත්

ගිණුම් අංකය – 000460002117

සම්පත් බැංකුව බොරැල්ල ශාඛාව

වැඩි විස්තර සඳහා 0112507080 අපගේ කාර්යාලයීය දුරකතනයට අමතන්න.