Saturday, September 26, 2020
/ - General line - 0115112241 | - [email protected]

ලෝකෙටම එකයි..! බලන්න දෙන්නැත්තේ ඇයි? (VIDEO)

1214Views

දකුණුමුහුදු තීරයේ  කෝට්ටගොඩ – හා ගන්දර අතර  බෙලිවත්තේ , ශීතගල්ල පහිනුම් තටාකය සංචාරක ආකර්ශනය දිනාගත හැකි අපූරු ස්ථානයකි.

සැඩ රළ ගල්පරවල  හැපී  අඩි 40 ක් පමන ඉහළ නැග හුම්මායක් සේ දිස්වී  මුහුදේම ගලපර වලින් වටවු  තටාකයට පිරේ . වැඩි ජලය පිටාරය ගොස් නැවත මුහුදට වැටෙයි . මේ පරිසරය  පහසුකම් සහිතව මනස්කාන්ත  ලෙස නිර්මාණය කර ඇත.

වැඩ නිමකොට වසර 02ක් පමණ ගතවුවද, සංචාරක පාරාදීසයක් කළහැකි මේ සොදුරු  පරිසරය නිල වශයෙන් තවමත් ජනතාව වෙනුවෙන් විවෘත කර නැත.

මෙවැනි  ස්වාභාවිකව පිහිටි  කරදිය පිහිනුම් තටායක්   ඕස්ට්‍රෙිලියාවේ කියාමා  හුම්මානයට නුදුරින් පිහිටා ඇති නමුදු  එම තටාකයට  දිය පිරෙනනේ අහසට නගින දිය කඳකින් නොවේ . එනිසා මෙය මේ අකාරයෙන් ඇති ලොව එකම පිහිනුම් තාටකයක වියහැකි බව සංචාරකයින් පවසනවා.