Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ඕස්ට්‍රේලියා සංචාරය ආදායම් වාර්තා බිඳ දමලා – සියලු ආදායම් මෙන්න

1068Views

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා මෙවර තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය ආදායම් වාර්තා බිඳ දමා තිබෙනවා.

ටෙස්ට් තරග තුනේ දී ටිකට් විකිණීමෙන් රුපියල් 7,124,200ක් උපයා ඇති අතර එක්දින තරගවලදී රුපියල් 40,894,700ක් ඉපයීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

2011 වසරේ ඕස්ට්‍රේලියාව ලංකාවේ සංචාරය සඳහා පැමිණි අවස්ථාවේදී ටෙස්ට් තරග තුනකදී ශ්‍රී ලංකාවට ටිකට් විකිණීමෙන් රුපියල් 3,055,390ක් ද එක්දින තරගවලදී රුපියල් 22,173,100ක් ද හිමිව තිබුණා.

මෙවර ආදායම් වාර්තාවන් පහතින් දැක්වෙනවා.

TEST 01 Rs 1,824,900
TEST 02 Rs 2,826,150
TEST 03 Rs 2,473,150

ODI 01 Rs 13,070,500
ODI 02 Rs 8,800,000
ODI 03 Rs 4,600,000
ODI 04 Rs 2,600,000
ODI 05 Rs 4,700,000