Sunday, December 15, 2019 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කෑම වේල රුපියල් 3යි – මෙන්න ලාභම හෝටලේ

1542Views

ඉන්දියාවේ ජනප්‍රියම ආපන ශාලා ව්‍යාපාරය බවට ‘අම්මා ආපන ශාලා’ ව්‍යාපාරය පත්ව තිබෙනවා.

 

ඉතාමත් සුළු මුදලකට දිනකට දස දහස් ගණන් පිරිසකට කෑම බීම සපයන ආපන ශාලා ව්‍යාපාරය බවට පත්ව ඇති මෙහි ශාඛා 300 ක් ඇති අතර ඉන් රැසක් පිහිටා ඇත්තේ චෙන්නායි ප්‍රදේශයේයි.

 

ජය ලලිතා මහ ඇමතිවරියගේ මෙම ආපන ශාලා ව්‍යාපාරය නිසා ඇගේ ඡන්ද ප්‍රමාණය වැඩිවූ බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

 

එහි ආහාරවල මිළ ගණන් පහත පරිදි වනවා.

 

උදෑසන ආහාරය
ඉඩ්ලි (රුපියල් 1) ,පොංගල් බත් (පරිප්පු සහ තුනපහ මිශ්‍ර බත්) රුපියල් 5 යි
දිවා ආහාරය
සම්බා බත් (පරිප්පු සහ තුනපහ මිශ්‍ර බතක්) හෝ ලෙමන් බත් හෝ කරපිංචා සමග පිසූ බත් – රුපියල් 5 යි
මිදවූ කිරි සහ කරපිංචා සමග පිසූ බත් – රුපියල් 3 යි

රාත්‍රී ආහාරය
රොටී දෙකක් සමග පරිප්පු -රුපියල් 3 යි.

70bc1d8282af941805816995dc1ab5a9-624x351 a0a7be088ad52bb1f4800261c938ba38-624x767