සමුගත් පුතු වෙනුවෙන් නියෝජ්‍ය ඇමති ‘නෙලුම් මල් පුදද්දී’ පරුෂ වචන කී පොලිස් නිලධාරියා (VIDEO)

0
31047

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊයේ (13) කළුතර බෝධිය අසල නෙලුම් මල් 40000ක් බෝධීන් වහන්සේ වෙත පුජා කිරීමේ පින්කමක් සංවිධානය කර තිබුණා.

ඒ අභාවප්‍රාප්ත සහන් තිවංක තෙවරප්පෙරුම පුතුට පිං පිණිසයි.

මේ අතර බෝධීන් වහන්සේ වන්දනා මාන කිරීමට පැමිණි බැතිමතියක් අමාත්‍යතුමන් බෙදාදෙන නෙලුම් මල් ලබා ගන්නා විට කළුතර බෝධීන් වහන්සේ අසල රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු ඇයට පරුෂ වචනයෙන් බැන වදින්නට වී තිබෙනවා.

පසුව හඬමින් සිටි ඇය දුටු නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු විමසා කළුතර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අමතා මේ පිළිබඳව කරුණු දැනුම් දුන්නා.

එම අවස්ථාවේ දර්ශන පහතින් දැක්වෙනවා.

Comments

comments