ලංකාවේ දරුණුතම ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යාවේ ‘අතරමංවූවන් අද උදෑසන සොයා දුන් ‘ දුමාරයේ කතාව (PHOTOS)

0
7864

සප්ත කන්‍යා කඳු වැටියේ අලි බැලීමට ගොස් අතරමං වූ පස්දෙනා මේ වන විට සොයාගෙන තිබෙනවා.

ඔවුන් දින එකහමාරක පමණ කාලයක් මෙලෙස අතරමංව සිටියා.

මෙම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු ඇතුළත් වුණා.

ඊයේ පස්වරුවේ(13) මොවුන් සිටින ස්ථානය ගුවන් හමුදාව විසින් සොයා ගනු ලැබුවේ බෙල් 412 වර්ගයේ යානයෙන් මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුවයි.

පසුව මෙහෙයුමේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම අද උදෑසන 7.00ට පමණ අතරමංවූවන් සිටි ස්ථානයට ළඟා වී තිබෙනවා.

අතරමංව සිටි පිරිසට ආහාර ලබාදීමට සහ ප‍්‍රථමාධාර ලබාදීමට භට කණ්ඩායම පළමුව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ වතු අධිකාරිවරයාගේ විසිහතර හැවිරිදි පුත්‍රයා හා ඔහුගේ මිතුරෙකු කාන්තාවන් දෙදෙනෙකු මෙන්ම වතුකමිකරුවෙකු මෙම අතරමංවූ පිරිසට ඇතුළත් වුණා.

දිනදෙකකට ආහාරපාන හා ඇදුමි රැගෙන පෙරේදා දහවල් හැමිල්ටන් වතුයායට ඇතුලූ වී ඇති මෙම පිරිස අතරමං වීමෙන් පසු  119 පොලිස්හදිසිඇමතුමි අංකයට ඊයේ (13) පෙරවරුවේ මේ බව දැනුම් දී තිබෙනවා.

රක්ෂිතය  තුල අතරමං ව සිටින වතුඅධිකාරිවරයාගේ පුත්‍රයා මෙම මෙහෙයුමට සමිබන්ධ නිළධාරින් සමග අවස්ථා කිහිපයක දී දුරකථනයෙන් සම්බන්ධවී තිබෙනවා.

තමන් සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා රක්ෂිතය තුල ගිණිමැලයක් ගසන බව දැනුම් දී ඇති එම තරුණයා රක්ෂිතය තුල ගිණි තැබීම නිසා  එමගින් ඔවුන් සිටින ප්‍රදේශය නිශ්චිත කර ගැනීමට හැකිවූ බව වාර්තා වනවා.

1974 දෙසැම්බර් මස 04 වැනිදා ඉන්දුනිසීයාවේ සිට ශ්‍රී ලංකාව හරහා යමින් තිබූ මාටින්එයාර් නැමැති ගුවන් යානාව මෙම සප්තකන්‍යා කඳුවැටියේ ගැටී විනාශ වූ අතර මක්‌කම බලා යමින් සිටි මගීන් 182 ක්‌ සහ කාර්ය මණ්‌ඩලයේ 9 දෙනෙකුද එහිදී ජිවිතක්ෂයට පත් වුණා.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-4 unnamed unnamed-5

LEAVE A REPLY