ඒ පෙම්වතා නෙමෙයිලු..පිරිමි යාලුවෙක් ලු – රිතූ ආකාර්ෂා දැන් කියන කතාව

1
16819

රිතූ ආකාර්ෂා රංගන ශිල්පිණියගේ පෙම්වතා පිළිබඳව දිවයින පුවත්පතේ මීවිත අතිරේකයේ මෙවර කතාබහට ලක් කර තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමන් පෙම්වතියක් නොවන බවයි.

රිතූ පෙම්වතියක්‌ කියලා ආරංචියි ?

මම දන්න තරමින් පෙම්වතියක්‌ නෙමෙයි.

මුහුණුපොතේ, අන්තර්ජාලයේ, වයිබර්වල තරුණයෙක්‌ එක්‌ක ඉන්න පින්තූරයක්‌ පළකරලා තියෙන්නේ ?

එක තරුණයක්‌ එක්‌ක නෙමෙයි, මගේ පිරිමි යාළුවෝ එක්‌ක ඉන්න පින්තූර පළකරනවා. මිනිස්‌සු කොහොම භාරගන්නවාද දන්නේ නැහැ.

පෙම්වතා නෙමෙයි කියලා ඇත්තමද කියන්නේ ?

රිතූ කියන්නේ මම. මම දන්න තරමින් පෙම්වතියක්‌ නෙමෙයි. යාළුවෙක්‌ එක්‌ක එළියට ගිය පළියට, පින්තූරයක්‌ දාපු පළියට පෙම්වතෙක්‌ ඉන්නවා කියලා කියන්න බැහැනේ. ඕක තමයි අපේ සමාජයේ හැටි.

(දිවයින )

Comments

comments