Booking.com යන්නේ නෑ

0
2001

මෙවර අයවැයෙන් පැනවූ නව බද්දක් හේතුවෙන් ලෝකප්‍රකට Online Travel Booking ආයතනයක් වන Booking.com ආයතනය ලංකාවේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සූදානම් වන බව අප පසුගිය දා වාර්තා කළා.

පසුගියදා ඉදිරිපත් කළ අයවැයේ අන්තර්ජාලය මගින් හෝටල් කාමර වෙන් කරවා ගැනීමේදී ඒ සඳහා මැදිහත්කරුවන් ලෙස ක්‍රියාත්මක වන ආයතන සඳහා වන බදු පැනවීම නිසා මේ තත්ත්වය මතුව ඇති බවයි එහි සඳහන් වුණේ.

මේ ගැන www.booking.com මෙසේ කියයි

මේ සම්බන්ධයෙන් www.booking.com අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා තිබෙනවා.

එය පහතින් දැක්වෙනවා
www.booking.com සමාගමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල ජනතාව නොමග යවනසුලූ‍ ප්‍රවෘත්ති පළවීම පිළිබඳව අපි ඛෙහෙවින් කලකිරීමට පත්වූයෙමු.

විදේශ සංචාරකයන් අතර ශ්‍රී ලංකාව ජනප්‍රිය කරවීම සඳහා අප දිගු කාලයක පටන් කටයුතු කළ අතර ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු නවත්වා දැමීමේ කිසිදු සූදානමක් නොමැත.

එමෙන්ම Booking.com සමාගම ශ්‍රී ලංකාවේ මෙන්ම සියලූ‍ම රටවල පවතින බදු සම්බන්ධ නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බව මෙයින් අවධාරණය කර සිටිමු.

Comments

comments