ට්‍ර‍ම්ප් ඥාති සංග්‍ර‍හය අරඹයි… බෑණාට ලොකු පුටුවක්….

0
2753

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 35 වැනි වියෙහි පසුවන ජෙරාඩ් විසින් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන භූමිකාවක් මෙහෙයවූ අයෙකි.

ජෙරාඩ් යනු දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක නම රැන්ඳූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන අතර ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය වන ඉවන්කා ට්‍රම්ප්ගේ සැමියාය. මෙම නම් කිරීමත් සමගම ඩිමොක්‍රටික් පාර්ශවය විසින් මෙය ඥාති සංග්‍රහයක් බව පවසමින්, මෙම පත්කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා අණාවරණ කරනවා.

මෙම තනතුරත් සමග ධවල මන්දිරය තුළ ඔහුගේ නව භූමිකාව දේශීය මෙන්ම විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු රැසක් ආවරණය වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙන්නෙ.

 

 

Comments

comments