කපුවා කපෝතියි! නවක මුහුණක් සමග වසරකට පසු ඉසුරු උදානත් කැඳවයි – දකුණු අප්‍රිකාවට යන ශ්‍රීලංකා විස්සයි 20 සංචිතය මෙන්න

0
18457

දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා යොවුන් තුන් ඉරියව් කී‍්‍රඩක තික්ෂිල ද සිල්වා ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.

හලාවත මේරියන්ස් කණ්ඩායම නියෝජන කරන ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්.

වමත් පිතිකරුවෙකු මෙන්ම වේග පන්දු යවන්නෙකු වන 23 හැවිරිදි තික්ෂිල ද සිල්වා විස්සයි විස්ස කණ්ඩායම තේරීම් තරගවලදී දස්කම් දැක්වීම හේතුවෙන් ඔහුට මෙම අවස්ථාව හිමිව තිබෙනවා.

එම සංචිතයට නම් කර ඇති සෙසු කී‍්‍රඩකයින් වන්නේ අසේල ගුණරත්න, සීකුගේ ප‍්‍රසන්න, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර, සහ ඉසුරු උදානයි.

ටෙස්ට් සචිතයට ඇතුළත් කී‍්‍රඩකයින් 9 දෙනෙකු යළි දිවයිනට පැමිණිමට නියමිත අතර, එ් වෙනුවට විස්සයි විස්ස තරගාවලිය සඳහා කී‍්‍රඩකයින් 9 දෙනෙකු දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව යාමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය සමයේ දක්ෂතා අතර සිටි චාමර කපුගෙදර මෙම සංචිතයට ඇතුළත් නොවීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් අදාළ සංචිතය සඳහා ඊයේ (10 දා) සවස්‌වනතුරුත් ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය නොලැබී තිබුණි.

තරග 3 කින් සමන්විත ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය සෙන්චූරියන් හිදි ලබන 20 පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, උපුල් තරංග, සුරංග ලක්‌මාල්, අසේල ගුණරත්න, තික්‌ෂිල ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරන, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන  ( නිල නොලත්)

11403419_424307301106429_931745019805483585_n 12507231_496617837208708_5709182198825706136_n 13321882_552014721669019_3557021248634165446_n

LEAVE A REPLY