ඔබාමා කඳුළු හෙළමින් යනවා කී හැටි (PHOTOS)

0
2682

ධුරයෙන් සමුගැනීමට නියමිත අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා අවසන්වරට අද ජාතිය අමතනු ලැබුවා.

ඇති වී තිඛෙන වෙනස්කම් තුළින් අමෙරිකානුවන්ට යහපත් අනාගතයක් බිහිවනු ඇති බව තමන් බලාපොරොත්තු වන බවයි ඔබාමා සදහන් කළේ.

වසර අටක සිය පාලනය සමය තුළ අමෙරිකාව පෙර පැවති තත්ත්වයට වඩා ශක්තිමත් ස්ථානයකට ඔසවා තැබීමට හැකි වූ බව තමන් විශ්වාස කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ.

අමෙරිකානුවන් තමන් යහපත් ජනාධිපතිවරයෙකු මෙන්ම යහපත් මිනිසෙකු කළ බවත් තමන්ට සහාය දුන් සියලූ අමෙරිකානුවන්ට ස්තුතිය පළ කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

සිය කථාවේ අවස්ථා කිහිපයකදී සංවේදී වූ අමෙරිකානු ජනාධිපතිවරයා කඳුළු පිසදමන ආකාරයද ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණා.

චිකාගෝහි පැවති ඔබාමාගේ සමුගැනීමේ කතාව සිදු කෙරුණු ස්ථානයට විශාල පිරිසක් රැස්ව සිටි අතර විශ්‍රාම ගැනීමට නියමිත සිය නායකයාට ඔවුන්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවුණේ මෙලෙසයි.

15970555_10207589086595380_1471539343_n 15995506_10207589086555379_1122071852_n 170110220135-03-obama-tears-up-large-tease

LEAVE A REPLY