හිටපු ක්‍රිකට් නායකයා අත්අඩංගුවට ගැනීමට නියෝග

0
17588

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වසීම් අක්‍රම් අත්අඩංගුවට ගන්නැයි කරච්චි අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

වසීම් අක්‍රම් ගමන් ගනිමින් තිබූ මෝටර් රථයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට අයත් රථයක් ගැටීමෙන් කරච්චි නුවරදී අනතුරක් සිදුව තිබූ අතර ඒ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය කර තිබෙනවා.

නඩු විභාගය අවස්ථා 31 කදී කැඳවා ඇති නමුත්, ඉන් එක් අවස්ථාවකට හෝ ඔහු ඉදිරිපත් වී නොමැති බවයි වාර්තා වන්නේ.

Comments

comments