හරීන් විසින් බෙල්ලෙන් අල්ලා ගනු ලැබූ ‘නුවන්’ ඉගෙන ගත් පාඩම ප්‍රගුණ කළ හැටි

0
15302

නුවන් නිරෝධ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ සමාජ ජාල ක්‍රියාකරුවෙක් වන අතර පසුගියදා රහස් පොලිසියද ඔහුව කැඳවා සමාජ ජාල සම්බන්ධ කරුණු කිහිපයක් ප්‍රශ්න කර තිබුණා.

පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂයේ රැළියක් පැවැත්වෙන ස්ථානයකට ගොස් සෙල්ෆි ඡායාරූප ගෙන වේදිකාවෙන් ඔහු බිමට බසිනවාත් සමග එහි පැමිණි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  ඔහුව දැක බෙල්ලෙන් අල්ලාගනු ලැබුවා.

එම අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු කියා ඇත්තේ “උඹලගේ දේශපාලනය වෙනස් අපේ දේශපාලනය වෙනස්. සතුටුයි මඩ ගහන්න හරි උඹ බලන්න ආපු එක ගැන” යනුවෙනුයි.

240

කෙසේ නමුත් මේ පාඩම ඉගෙන ගත් නුවන් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ FCID පැමිණි අවස්ථාවේ එහි පැමිණි වෙනත් සමාජ ජාල ක්‍රියාකාරිකයෙකුව අල්ලා ගනිමින් සෙල්ෆි ඡායරූපයක් ගෙන ෆේස්බුක් වෙත යොමු කර තිබෙනවා.

ඔහු සඳහන් කර තිබුණේ එම සමාජ ජාල ක්‍රියාකරු රහසෙන්ම පැමිණී සිටියදී හමුවූ බවයි.

15894661_10154937002768501_9164521460384596890_n

Comments

comments