ඇසට නොපෙනෙන වායු දූෂණය නිසා ඔබේ සම දැඩි අවධානමක…

0
1274

පරිසර දූෂණය දවසින් දවසම වැඩි වෙනව. ගොඩක් දෙනෙක් හිතන්නෙ පරිසර දූෂණය කියන්නෙ තැන් තැන්වල ලොකු කුණු ගොඩවල් හැදෙන එක, නැත්නම් නහයට ගද දැනෙන එක විතරයි කියලයි. නැහැ එහෙම නැහැ. අපිට නොපෙනෙ, නොදැනෙන ගොඩක් කුණු දූවිලි අපද්‍ර‍ව්‍ය විෂ බීජ අප වටා තියෙනව.

ඒ කුණු දූවිලි අපද්‍ර‍ව්‍ය අපට නොදැනීම අපේ හම ඇතුලට ගිහින් තැන්පත් වෙනව. මේ හේතුවෙන් හම දුර්වර්ණ වීමේ සිට චර්ම පිළිකා සෑදීම දක්වාම නොයෙක් අවධානම් තත්වයන්ට ඔබ අප මුහුණ දෙන බව වැටහෙන්නෙ කාලයක් ගතවුණාට පස්සෙයි. හැබැයි සමහරවිට ඒ වෙද්දි ඔබ ප්‍ර‍මාදවෙලා වෙන්න පුළුවන්.

අපේ සමේ ඇසට නොපෙනෙ සියුම් සිදුරු තියෙන බව ඔබ දන්නවනේ. අන්න ඒ සියුම් සිදුරුවලින් සියුම් සිදුරුවලටත් වඩා ඉතාමත් කුඩා අපද්‍ර‍ව්‍ය සහ විෂ බීජ වර්ග ඔබේ සිරුරට ඇතුල් වෙනව. සබන් දාල සේදුව කියල හම ඇතුළට ගිය ඒ කුණු දූවිලි සමෙන් ඉවත් වෙන්නෙ නැහැ. ඒ කුණු දූවිලි ඇතුලෙන්මයි ඉවත් කරන්න ඕන. එහෙම ඉවත් නොකර කාලයක් ගත වුණාම තමයි මුලින් කිව්ව වගේ සම අවපැහැ ගැන්වීමේ සිට චර්ම පිළිකා දක්වා අවධානමකට ඔබට මුහුණ දෙන්න වෙන්නෙ.

එහෙම සේදුවාට ඉවත් නොවන කුණු දූවිලි ඉවත් කරන්න තියෙන විසදුම ඔබ දන්නව. ඒ තමයි සැලෝන් එකකට ගිහින් සම පිරිසිදු කර ගැනීමේ ප්‍ර‍තිකර්මයක් කරගන්න එක. හැබැයි හැමවෙලේම ඒක කරන්න ඔබට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ, ඔබේ සම මේ පරිසර දූෂණය නිසා ඉතාමත් බැරෑරුම් විදියට අනාරක්ෂිත වෙනව.

දවසින් දවස කුණු ගොඩවල් ලොකු වෙනව වගේම, දුර්ඝන්ධය වැඩි වෙනව වගේම, වාහනවලින් පිටවන දුම, කාර්මික අපද්‍ර‍ව්‍ය  අපිට සමීපම වායු දූෂණයත් වැඩිවෙනව. අන්න ඒ වායු දූෂණයේ ප්‍ර‍තිඵලය විදියට තමයි ඔබ නොදැනුවත්වම මේ අවධානමට ලක් කරන්නෙ. ඔබේ සම පමණක් නෙවෙයි පිළිකා තත්වයක් ඇති වුණොත් එය ඔබේ ජීවිතයම අවධානමට ලක් කරන්නක් වනවා.

Comments

comments