පොඩ්ඩෙක්ට කියා ලේස් ගැට ගසාගන්නා.. දන්නවද කවුද මේ ලොක්කා… (PHOTOS)

0
26219

පොඩ්ඩන්ගේ ආත්ම ගරුත්වය නැතිවන ලෙස හැසිරෙන ලොක්කන් ගැන අප අසා නැතුවා නොවේ. ඇතැම් ලොක්කන් ගෙදර බල්ලා නාවා ගන්නේද, ඇතැම් විට රෙදි සෝදා ගන්නේද පොඩ්ඩන්ට කියාය. එහෙත් ඒවා ප්‍ර‍සිද්ධ වන්නේ නැති තරම්ය.

මේ පොලිස් දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ පසුවන නිලධාරියෙක්, කොස්තාපල්වරයකුට කියා තම සපත්තුවේ ලේස් පටියක් ගැට ගසා ගන්නා අයුරුය. ඇතැම් විට මේ නිලධාරියා බිමට පහත් වීමට නොහැකි රෝගයකින් පෙළෙනවාද විය හැකිය. කෙසේ වෙතත් මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නව කතිකාවක් ගොඩ නගමින් තිබේ.

ඇතැම්විට මෙය ගෞරවය නිසා සිදුකළ කටයුත්තක්ද විය හැකිය.

Image

Image-02

 

Comments

comments