සෝමාලියානු කොල්ලකරුවන් අල්ලාගත් නැවේ සිටිය අපේ 8දෙනා මෙන්න…

0
20790

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් ග්‍ර‍හණයට ගෙන ඇති  මේ වසරේ ජනවාරි දක්වා එරිස් තර්ටීන් නෞකාව ශ්‍රී ලංකාවේ සමාගමක ලියාපදිංචි වී තිබූ බවත්, ඉන්පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක ලියාපදිංචිය ඇතිව නාවික කටයුතුවල යෙදෙන බවත්බ ශ්‍රී ලංකා නාවික හමුදාව තහවුරු කර තිබෙනවා.

මෙම නෞකාව නිදහස් කිරීමට කොල්ලකරුවන් කප්පම් ඉල්ලා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

එරිස් තර්ටීන් නෞකාව කොළඹ වරායේ ද නැංගුරම්ලා තිබී ගමන් ආරම්භ කළ නෞකාව සෝමාලි දේශ සීමාව පසු කරන විට මුහුදු කොල්ලකරුවන්ගේ අතට පත්ව තිබෙනවා.

කොල්ලකරුවන්ගේ ග්‍රහනයට නතුවන අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් 8 දෙනෙකු කාර්යමණ්ඩලයේ සේවය කරන බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළා.

පසුගිය ජනවාරි 28 දා වන විට නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් අට දෙනා වන්නේ සම්පත් – මීගස්තැන්න, අනුරංග – ගාල්ල, නිකලස් – යාපනය, ජයන්ත කොළඹ‍, ශමේන්ද්‍ර – මාතර, බී.සී පෙරේරා – ගම්පල, ෂන්මුගම් – මාතලේ සහ ඉඳුනිල්- ඉමදූව යන පිරිස බවයි විශ්වාස කටයුතු ආරංචි පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ වනතෙක් ලාංකිකයින්ගෙන් රාජකාරි අවශ්‍යතාමත කීදෙනෙකු කොල්ලකරුවන් අතට නෞකාව පත්වන විට සිටියේදැයි මෙතෙක් තහවුරු වී නැත.

 

Comments

comments